Today's Top Story

  • Elecity
Print

පොහොට්ටුවෙන් පළමු කැපිල්ල පුංචි මන්ත්‍රිට

on .

d0ecf2d26f3c4ad6b88c4.jpg 2018 02 16

දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරීපත්වූ සභිකයෙකු  ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය ඉල්ලා අද නව මැදගම නගර මාධ්‍යයේ උපවාසයක් ආරම්භ කර තිබෙනවා. 

Print

අර්ජුන මහේන්ද්‍රන්ට CID හමුවේ පෙනී සිටිමට නියෝගයක්

on .

is.jpg GGGGG

මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පළිසේන යන සැකකරුවන්ට ඇප ලබාදීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.

ඒ අනුව සැකකරුවන් ලබන දෙවන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියම කළා.

සැකකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා එල්ල කිරීමට හැකියාවක් නොමැති බැවින් ඔවුන් ඇප මත මුදා හරින මෙන් විත්තියේ නීතිඥවරු මීට පෙර අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා.

එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ප්‍රකාශ කර ඇත්තේ මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ මුදල් පොදු දේපල ගණයට ඇතුළත් වන බවයි.

 ඒ අනුව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.

මෙහිදී රහස් පොලිසිය කළ ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය  දැනට සිංගප්පූරුවේ වාසය කරන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ලබන 8 වනදාට පෙර ශ්‍රී ලංකාවට පැමිණ රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා වෙත කට උත්තරයක් ලබා දෙන්න යැයි සීඝ්‍රගාමී තැපැල් සහ කූරියර්  සේවාව මාර්ගයෙන් ඔහුට පණිවිඩයක් යොමු කිරිමට නියෝග කෙරුණා.

 

 

 

Print

පා.ම. නාමල්ට නඩු දිනයේ අධිකරණ පෙනි සිටිම නියෝගයක්

on .

Namal-court

නීති විරෝධී ආකාරයට උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් නමැති සමාගමක ආයෝජනය කිරීම තුලින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන 20 වනදා සිට නඩුව විභාග කිරීමට දින නියම කළා.

Print

සෞදි හාම්පුතුගේ බුදලයෙන් කොටසක් ශ්‍රි ලාංකීකයෙකුට

on .

labbe hasan Untitled

සෞදි අරාබියේ මීට වසර 20ට පමණ පෙර සේවය කරන ලද J 0150924 අංක දරන ගමන් බලපත‍්‍රය හිමි මොහොමඞ් සිසාන් හමීඞ් ලෙබ්බේ මහතාගේ හාම්පුතාගේ අන්තිම කැමැත්ත අනුව මොහොමඞ් සිසාන් හමීඞ් ලෙබ්බේ මහතාට හිමි මුදල්  පිරිනැමිමට අවශ්‍යව තිබෙනවා.

Print

හිටපු ජනපතිගේ ඥාති ජාලියගේ ගිණුම් පරික්ෂාවට ඉඩ

on .

z p01-Former

ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අධිකරණයට ඉදිරිපත් නොවූ නිසා ඔහුව අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කරන ලෙස අද වරෙන්තුවක් නිකුත් කළා.

Print

ඩේසි ෆොරස්ට්ගේ රටයෑමේ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

on .

Deesi-court

යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මිය විදේශ ගත වීමට අවසර ඉල්ලා කළ මෝසම ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළා.

Print

යහපාලන රජය ශක්තිමත්ව ඉදිරියටම යනවා - අද සවස් වනතුරු සිටින්න

on .

Sajith-Premadasa

යහපාලන රජය ශක්තිමත්ව නව මුහුණුවරකින් ඉදිරියට යන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

Print

පෙරලුණ කිරි බවුසරයකට

on .

DSC09577

හැටන් දිඹුල බෝගහවත්ත ප‍්‍රදේශයේ පෞද්ගලික කිරි එකතු කිරිමේ මධ්‍යස්ථානයක සිට මුල්ලේරියාව දක්වා දියර කිරි ලිටර් නවදහස් හත්සියක් ප‍්‍රවහානය කළ බවුසරයක් ප‍්‍රධාන මාර්ගයේ පෙරලි අනතුරක් සිදුවි ඇති තිබිණ.

Footer Banner b