20-20 සංචිතයෙන් කුසල් ඉවතට
දකුණු අප්රිකාව සමග පැවැත්වෙන 20-20 ක්රිකට් තරගාවලියට ඇන්ජලෝ මැතිවුස්ගේ නායකත්වයෙන් යුත් 15 දෙනෙකුගේ සංචිතයක් නම් කර තිබෙනවා.
ඊට නවක ක්රීඩක තික්ෂිල ද සිල්වා ද ඇතුළත්. ඔහු මදවේග පන්දු යැවිමට සහ වේගයෙන් පන්දුවට පහරදීමට සුව්ශේෂී දක්ෂතාවක් දක්වන ක්රීඩකයෙකු ද වනවා.
නුවන් කුලසේකර, අසේල ගුණරත්න, ධනුෂ්ක ගුණතිලක, සීක්කුගේ ප්රසන්න, නිරෝෂන් දික්වැල්ල, සචිත් පතිරණ, ලක්ෂාන් සඳකැන් හා නුවන් කුලසේකර ශ්රී ලංකා කණ්ඩායමට එක්වීම සඳහා හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
මේ වන විට දකුණු අප්රිකාව සහ ශ්රී ලංකාව අතර ටෙස්ට් ක්රිකට් තරගාවලියට සහභාගීවන ක්රීඩකයන්ගෙන් දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල්, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, නුවන් ප්රදීප් සහ ඉසුරු උදාන 20-20 තරගාවලියට සහභාගීවීමට නියමිතයි.
ප්රථම තරගය මේ මස 20වැනි දා සෙන්චූරියන් පාක් හිදී පැවැත්වෙන අතර දෙවැනි සහ තෙවන තරග 22 හා 25 පැවැත්වෙනු ඇති.