Print

එකම පවුලේ 5කට මරණ දඬුවම නියමවෙයි

on .

hanging

2009 වර්ෂයේ මාතර ගන්ධර- කෝට්ටේගොඩ ප්‍රදේශයේ දී සිදුවු ඝාතනයකට පුද්ගල ඝාතනයකට වරදකරුවන් වු කාන්තාවන් තිදෙනෙකු ඇතුළු එකම පවුලේ පස් දෙනෙකුට මාතර මහාධිකරණය මරණ දඞුවම නියම කර තිබෙනවා.

පෙම් සබඳතාවක් හේතුවෙන් ඇතිවු ගැටුමක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධවලින් පහරදී මියගිය පුද්ගලයා ඝාතනය කර තිබෙනවා.

සිද්ධියට අදාළව එකම පවුලේ කාන්තාවන් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වී තිබු අතර අදාළ නඩුව කැඳවු අවස්ථාවේදී නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ මාතර මහාධිකරණ විනිසුරු ධමිත් තොටවත්ත මහතා ඔවුන්ට මරණ දඞුවම නියම කළා.