FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

රාවි රාජ් ඝාතනයට නිතිපතිගෙන් අභියාචනාවක්

on .

rajiraj Court

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නාඩරාජ රවිරාජ් ඝාතන නඩු විභගය නැවත පවත්වන ලෙසට මහාධිකරණයට නියෝගයක් ලබා දෙනමෙන් ඉල්ලා  නිතිපති විසින් ආභියාචනාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම අභියාචනාව අභියාචනාධිකරණය වෙත යැවිම සඳහා මහාධිරකරණයේ රේජිස්ටාර්වරිය වෙත නිතිපති විසින් භාරදි තිබෙනවා 

මෙම නඩු විභාගයේදි මහාධිකරණ විනිසුරු  ජුරි සභාව ඉදිරියේ කළ  දේශනයේදි නඩුවට ප්‍රමානවත් කරුණු පැහැදිලිව ඉදිරිපත් නොවු බවත් නිතිපති සියා අභියාචනාවෙන් කියා සිටියි.

 

එමෙන් නඩු විභාගය එදින මධ්‍ය රාත්‍රිය දක්වා පවත්වා ගෙන යෑමට ජුරියට අවස්ථාව සලසාදිමේ පැමිණිල්ලට අගතියක් වු බව නිතිපති සිය අභියාචනවේන් පෙන්වාදි තිබෙනවා.

යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි බුද්ධි අංශ නිලධාරීන් තිදෙනා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය පසු ගිය දෙසැම්බර් 24 වැනිදා නියෝග කළා. නඩු විභාගය පැවැත්වුණේ කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්.

උපාධිධාරින් හත් දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවක් හමුවේ නඩු විභාගය  පැවැත් වුණා.