FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

මධ්‍යම කඳුකරයේ ජලාශවල ජල මට්ටම පහළට (with pictures )

on .

2017 01 11 water 06 5

මධ්‍යම කඳුකරයේ පවතින වියළි කාළගුණයත් සමග ප‍්‍රධාන ජලාශවල ජල මට්ටම සීඝ‍්‍රයෙන් පහළ බසිමින් පවතින බව වාර්තා වනවා.  දියඇළි වලින් ගලා බසින ජල ධාරිතාවද අඩු අඩුවි තිබෙනවා.

මධ්‍යම කඳුකරයේ මේ දිනවල පවතින දැඩි වියළි කාළගුණයත් සමඟ ලක්‍ෂපාන, නව ලක්‍ෂපාන, කැනියොන්, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර , ඉහළ කොත්මලේ සහ පහළ කොත්මලේ ජල විදුලි බලාගාරවලට ජලය සපයන කාසල්රි, මාවුස්සාකැලේ හා කොත්මලේ ජලාශ වල ජල මට්ටම 35% දක්වා පහළ බැස ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

පවතින වියළි කාළගුණයත් සමග සුන්දර ඩොවෝන් දියඇල්ලේ  සහ සෙන්ටික්ලෙයාර් දියඇල්ලේද ගලා හැලෙන ජල ධාරිතාවද අඩුවිම එහි සුන්දරත්වයටද බලපා තිබෙනවා.

2017 01 11 water 06 2

 

වියළි කාළගුණය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ තේ වතු ආශ්‍රිතව හා ප‍්‍රධාන නගර ආශ්‍රිතව උග‍්‍ර පානිය ජල ගැටලූවක්ද මතුවි ඇති අතර වියළි කාළගුණය අවසන් වන තෙක් බෙදා හරින ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසයි ජාතික ජල සම්පාදන මණ්ඩලය පරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ.


2017 01 11 water 06 4

2017 01 11 water 06 3

Footer Banner b