Print

මොරගහකන්ද ජලාශයට ජලය පිරවීම ඇරඹේ - ජනපති ප්‍රධානත්වයෙන්

on .

moragahakanda 7.31245

මොරගහකන්ද ජලාශයට ජලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.  

මීට සමගාමීව ඉහළ ඇලහැර ඇල ඉදිකිරීමේ ව්‍යාපෘතිය ද ආරම්භ කෙරුණා.  මේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල, රුපියල් කෝටි නවදහසක්. 

 

ශ්‍රී ලංකා රජය හා ආසියානු සංවර්ධන බැංකුව ඊට මූල්‍යාධාර සපයනවා.  එක්රැස් කෙරෙන ජලයෙන් මාතලේ, කුරුණෑගල, ත්‍රිකුණාමලය, පොළොන්නරුව හා අනුරාධපුරය දිස්ත්‍රික්කයන්හි ගොවි බිම් හෙක්ටයාර අනූහතරදහසක් යල - මහ දෙකන්නයේ අස්වැද්දිය හැකියි. 

ඉදිකිරීම් ආරම්භ කෙරෙන ඉහළ ඇලහැර ඇලේ දිග කිලෝමීටර 102ක්.  රජය ඊට වැය කරන මුදල, රුපියල් කෝටි හයදහස් පන්සියයක්.

  මේ ව්‍යාපෘතියට අමතරව තවත් ප්‍රධාන ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මකයි.  ඒ, වයඹ පළාත් ඇල හා මිනිපේ වම් ඉවුරු ඇළ පුනරුත්ථාපන ව්‍යාපෘතියයි.  ඉන් පවුල් විසිපන්දහසකට සෙත සැලසෙනවා.