Print

මත්කඩු පැකට් 200ක් සමග යුවලකට මාංචු

on .

drugs

බ්‍රච්න් ෂුගර් වර්ගයේ මත්කුඩු පැකට් 200ක් සමග යුවලක් අත්අඩංගුවට ගැනීමට වැලිකඩ පොලීසියේ අපරාධ අංශයේ නිලධාරීන් ඊයේ සමත් වුණා.

මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පිටකෝට්ටේ, කොටුබැම්ම පාරේ, 5 වැනි පටුමගේ නිවසක සිටින අවස්ථාවේදී. 

එම ස්ථානය වැටලීම් කරන විටත් ඔවුන් මත්කුඩු පානය කරමින් සිටි බව පොලීසිය පවසනවා. 

මෙම යුවල ගල්කිස්ස, රත්මලාන, දෙහිවල, පිලියන්දල, බොරලැස්ගමුව, ප්‍රදේශවල මත්කුඩු බෙදාහැරීමේ නිරතව ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබෙනවා