FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

ප්‍රථම ආදර්ශ ගම්මානය - භූගෝලීය තොරතුරු පද්ධතියට එක් කරයි

on .

model village

ශ්‍රී ලංකාවේ ප්‍රථම ආදර්ශ කෘෂි ගම්මානය ලෙස සංවර්ධනය කෙරෙන කහත්තේවෙල ගම්මානයේ සියලු භූගෝලීය තොරතුරු පද්ධතියට එක්කර තිබෙනවා.

එහි සංවර්ධන කටයුතු ලබන 21 වැනි දා ආරම්භ කිරීමට නියමිතයි. අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ඉල්ලීමකට අනූව කෘෂි ව්‍යවසායකත්ව සංවර්ධන ව්‍යාපෘතිය මගින් වැඩසටහන ක්‍රියාත්මකයි.

 

කෘෂිකර්මාන්තයේ සංවර්ධනය සඳහා ජීපීඑස් තාක්ෂණය යොදා ගන්නා මෙරට ප්‍රථම ගම්මානය මෙයයි. ජීපීඑස් තාක්ෂණය යොදා ගැනීම සඳහා නාවික හමුදාව සහය දක්වනවා. නාවික හමුදාපති සිරිමෙවන් රණසිංහ මහතාගේ අධීක්ෂණය මත එම ගම්මානයේ ගොවි පවුල් 208ක සියලු තොරතුරු, නිෂ්පාදන පිළිබඳ තොරතුරු මෙන්ම ප්‍රදේශයේ ජෛව විවිධත්වය, පසෙයි රසායනික තත්වය, ක්ෂුද්‍ර පෝෂක ද්‍රව්‍ය, පානීය ජලය හා ජල මූලාශ්‍ර පිළිබඳ තොරතුරු, දේශගුණික වෙනස්කම් හා තවත් තොරතුරු රැසක් භූගෝලීය තොරතුරු පද්ධතියට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

මෙහි කෘෂි කාර්මික කටයුතු සිදු කෙරෙන්නේ වගා සැලැස්මක් යටතේයි. ඒ සඳහා ජනතා ගොවි සමාගමක් ද ස්ථාපනය කර තිබෙනවා. කෘෂිකර්මාන්තයේ සංවර්ධනය සඳහා නාවික හමුදාව ලබා දෙන සහය අමාත්‍යවරයාගේ ඇගැයීමට මෙහී ලක්වුණා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

විශේෂාංග පුවත්

Footer Banner b