FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

යාපහුව - හිරියාල යාකරමින් පාලමක්

on .

sb navinna

වසර 30කට ආසන්න කාලයක සිට ගම්මාන රැසක ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරමින් හක්වටුන ඔය හරහා තැනු නව පාලම ජනතා අයිතියට පත් කෙරුණා.

ඒ අමාත්‍ය එස්.බී නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන්. පළාත් පාලන හා පලාත්සභා ප්‍රතිපාදන යටතේ ඊට වැය කළ මුදල රුපියල් කෝටි 4ක්. පාලම ජනතා අයිතියට පත් කිරීමත් සමග ඔයෙන් වෙන්වී තිබූ කිරිකල හා යාපහුව යා කිරීම තුලින් දුෂ්කර ගම්මාන රැසක ජනතාවගේ දෛනික කටයුතුවලට මහත් රුකුළක් වුණා.

එම ප්‍රදේශයේ පවතින ජල හිඟයට විසඳුමක් ලෙස මේ වසර නිමවීමට පෙර දැදුරුඔය ජලාශයෙන් උස්සාන ජල ව්‍යාපෘතියක් ලබාදීමටත්, මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීමට මුදල් ලබාදීමට අමාත්‍ය එස්.බී.නාවින්න මහතා ජනතාවට පොරොන්දු වුණා.

palama

මෙම අවස්ථාවට හිරියාල ආසන සංවිධායක ජගත් මංජුල යාපා මහතා ඇතුළ පිරිසක් එක්ව සිටියා.

විශේෂාංග පුවත්

Footer Banner b