FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

2014 වසරේ දී නැව් සංස්ථාවට නැව් මිළ දි ගැනීමේ සිද්ධියේ පරික්ෂණ සාර්ථකයි

on .

nalin bandara

ශ්‍රී ලංකාව නැව් සංස්ථාව 2014 වසරේ දී චීන සමාගමකින් නෞකා දෙකක් මිල දී ගැනීමේ දී සිදුව ඇති අක්‍රමිකතාව පිළිබඳ පැමිණිල්ලේ විමර්ශනවල ප්‍රගතියක් පෙන්නුම් කරන බව, නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා.

චෝදනාව එල්ල වී ඇත්තේ, ඩොලර් මිලියන 70ක ගණුදෙනුවක් සම්බන්ධයෙන්.  නලීන් බණ්ඩාර මහතා මේ පිළිඳව 2016 වර්ෂයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබුණා.  ඊට අදාළව ඔහු ඊයේ මේ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබා දුන්නා. 

නෞකා දෙක මිල දී ගැනීමට, ඩොලර් මිලියන 40ත් 50ත් අතර මුදලක් ප්‍රමාණවත් වුවද, ඒ සඳහා ඩොලර් මිලියන 70ක මුදලක් වැය කර තිබෙනවා.  නලින් බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ එහි දී, ඩොලර් මිලියන 20ක ප්‍රමාණ අක්‍රමිකතාවක් සිදුව ඇති බවයි. 

නෞකා මිල දී ගැනීමට මහජන බැංකුවෙන් ණය මුදලක් ලබා ගෙන ඇති අතර, දෛනිකව ඩොලර් 15,000ක ණය වාරිකයක් ඒ සඳහා ගෙවීමට සිදුවී ඇති බවද, නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.  එක් නෞකාවක් නඩත්තු කිරීමට දෛනිකව ඩොලර් 20,000ක මුදලක් වැය වුවද, ඉන් සැපයෙන සේවාවන් මගින් අදාළ මුදල පියවා ගත නොහැකි බවයි, නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටින්නේ.

විශේෂාංග පුවත්

Footer Banner b