FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

කිරිවෙහෙර හිමියන්ට වෙඩි තැබූ සැකකරු අත්අඩංගුවට

on .

kiri wehera

කිරිවෙහෙර විහාරාධිපති හිමියන් සහ තවත් හිමි නමකට වෙඩි තබා ඝාතනයට තැත් කිරීමට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු, මහසෙන් දේවාලයේ හිටපු කපු ධුරය දරන ලද තැනැත්තා වන බෝපෙගෙදර අසේල ලක්මාල් බණ්ඩාර නමැති 40 හැවිරිදි පුද්ගලයෙක්. එමෙන්ම, වෙඩි තැබීමට පැමිණි බවට සැකකරන වයස අවුරුදු 24ක් වන නිවුන් සහෝදරයන් දෙදෙනෙකු ද මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණා.

ඒ, ජයවික්‍රම කංකානම්ගේ නුවන් කුමාර සහ ජයවික්‍රම කංකානම්ගේ ධනුෂ්ක කුමාර යන අයයි. මොවුන් පැපිලියාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින්. සැකකරුවන් තිදෙනා තංගල්ල බලා රැගෙන යනු ලැබූ බවයි, පොලිස් මූලස්ථානය පවසන්නේ.

විශේෂාංග පුවත්

Footer Banner b