FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අද

on .

sexual-violence

ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අදට යෙදී තිබෙනවා.

ළමා හිංසනයට එරෙහිව ක්‍රියාත්මක වීම මෙන්ම ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ අරමුණ ඇතිවයි, මේ දිනය ප්‍රකාශයට පත් කර තිබෙන්නේ.

2008 දෙසැම්බර් 26 වැනිදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් සෑම වසරකම ජනවාරි 04 වැනි දින ළමා හිංසනයට එරෙහි ජාතික දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. දරුවන්ගේ ලෝකය වඩාත් සුරක්ෂිත කිරිම සියලුදෙනාගේ වගකීම බවයි, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ.

එය භාරධූර වගකීම පැහැර හරින සෑම අවස්ථාවකදීම ළමයා ශාරීරිකවත්, මානසිකවත් පීඩාවට ලක්වීම වැළැක්විය නොහැකියි. එමනිසා, නව වසරේ දී සියලුදෙනා දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවිය යුතු බවත්, මේ වසර ළමා ආරක්ෂාවේ වසර කර ගත යුතු බවත්, එහි සභාපති නීතීඥ මරිනි ද ලිවේරා මහත්මිය අවධාරණය කරනවා.

විශේෂාංග පුවත්

Footer Banner b