FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

කවුඩුල්ල වාරි ව්‍යාපාරයේ ගොවි පවුල් 4000කට සහන

on .

kaudulla dam

මොරගහකන්ද ජලාශයේ පරීක්ෂණ කටයුතු හේතුවෙන් නියමිත පරිදි වාරි ජලය නිකුත් කිරීමට නොහැකි වීම නිසා 2017 - 2018 මහ කන්නයේ වගා අත්හැරීමට සිදුවූ කවුඩුල්ල වාරි ව්‍යාපාරයේ ගොවි පවුල් 4000ක් සදහා සහන සැලසීමට පියවර ගැනුණා.

කවුඩුල්ල ජලාශයේ ඉහළ ඇළ යටතේ වාරි පහසුකම් ලබාදීමට මෙම ගොවීන්ට නොහැකිවීම සහන සැලසීමට හේතුවයි.  ගොවි පවුල් 4000 සඳහා රුපියල් දස දහස බැගින් වූ විශෙෂ සහනාධාරයක් ලැබෙනු ඇති. 

ඔවුන්ට දැනටමත් ලබාදෙන රුපියල් 5000ක වියලි සලාකයට අමතරව ඉදිරි මාස 3ක කාල සීමාව සඳහා මෙම රුපියල් දස දහසක විශේෂ සහනධාරය ලබා දීමට නියමිතයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යෝජනාව ඉදිරිපත් කළා.

විශේෂාංග පුවත්

Footer Banner b