FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

අ.පො.ස සාපෙළ විභාගයට හෙට ඇරඹේ

on .

GCE Ordinary Level begins today

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට අරම්භ වනවා. එය අවසන් වන්නේ ලබන 21 වැනිදා.

අයදුම්කරුවන් විභාග ප්‍රවේශ පත්‍රය සමග ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය බවයි, විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. සියලු අයදුම්කරුවන් නියමිත වේලාවට පැය භාගයකට පෙර විභාග මධ්‍යස්ථානයට පැමිණිය යුතුයි.

ස්මාට් අත්ඔරලෝසු, ජංගම දුරකථන සහ විද්‍යුත් උපකරණ විභාග ශාලාව තුළට රැගෙන ඒම සපුරා තහනම්. එම උපකරණවලින් විභාග වංචා සිදු කරන්නේ ද යන්න පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්නැයි, විභාග ශාලාධිපතිවරුන් දැනුවත් කර තිබෙනවා. එවැනි වංචා සිදු කරන අයදුම්කරුවන්ට වසර 5ක විභාග තහනමක් පැනවෙන අතර, මෙවර විභාග ප්‍රතිඵල ද අවලංගු වනවා.

විභාගය පැවැත්වෙන අවස්ථාවේ දී අයදුම්කරුවන්ට බාහිර පාර්ශ්වයන්ගෙන් කිසියම් බාධාවක් සිදුවන්නේ නම්, ඒ බව විභාග දෙපාර්තමේන්තුවට සහ පොලිස් මූලස්ථානයට වහාම දැනුම් දෙන්නැයි, ශාලාධිපතිවරුන් දැනුවත් කර තිබෙනවා.

Footer Banner b