FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

පුංචි ඡන්දෙට නාම යෝජනා බාර ගැනීම අද

on .

election

පළාත් පාලන ආයතන 93ක් සඳහා නාම යෝජනා බාර ගැනීම අද ආරම්භ වනවා.

මහනගර සභා 7ක්, නගර සභා 18ක් සහ ප්‍රාදේශීය සභා 68ක් මීට ඇතුළත්. පක්ෂ ලේකම්වරයා හෝ ඔහු විසින් බලය පැවරූ නියෝජිතයෙකුට තේරීම් භාර නිලධාරී වෙත නාම යෝජනා බාරදිය හැකියි.

සම්පූර්ණ අපේක්ෂක සංඛ්‍යාව ඇතුළත් නොවීම, කාන්තා අපේක්ෂක ගණන අන්තර්ගත නොවීම, පක්ෂ ලේකම්වරයාගේ හෝ ස්වාධීන කණ්ඩායම් නායකයාගේ අත්සන ඇතුළත් නොවීම නාම යෝජනා ප්‍රතික්ෂේපවීමට හේතුවන බවයි, මැතිවරණ කොමිසම පවසන්නේ.

ඇප මුදල් තැන්පත් කිරීම 13 වැනි දි මධ්‍යහන 12.00ට අවසන් වන අතර, නාම යෝජනා බාර ගැනීම ලබන 14 වැනිදා මධ්‍යහන 12.00ට අවසන්.

Footer Banner b