FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

දඹුල්ල රන්දෙනිය වැවේ නිදහන් හාරමින් සිටි 4 ක් අත්අඩංගුවට

on .

Dambulla Nidan

දඹුල්ල රන්දෙනිය වැවේ නිදහන් හාරමින් සිටි පුද්ගලයන්  4 දෙනක්  සැකපිට දඹුල්ල පොලිසිය 03 දින පුන් පොහෝ දින පස්වරුවේ  අත්අඩංගුවට ගෙන තීබේ .

දඹුල්ල මුලස්ඨාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාට ලැබුණු තොරතුරක් අනුව අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් සමරකෝන් මහතා ප්‍රමුක පොලිස් කණ්ඩායමක් රහසිගතව මේ වැටලීම සිදුකරද්දී පිරිස රන්දෙනිය වැව ඉස්මත්තේ කැනීම් කටයුතු සිදුකරමින් සිට ඇත .

පිරිස සතුව තිබු මල් බුලත් හා කැනීම් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇත .අත්අඩංගුවට පත් පිරිස රන්දෙනිය ප්‍රදේශයේම පදිංචි කරුවන් බව පොලිසිය කියයි .

සැකකරුවන් පිරිස 04 දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි .දඹුල්ල මුලස්ඨාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා ගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් සමරකෝන් මහතා ප්‍රමුක පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

 

විශේෂාංග පුවත්

Footer Banner b