FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

තිදෙනකුට බියවි සිසුන් 11ක් රෝහලේ

on .

hatton -2017-09-13

හැටන් මස්කෙළිය මොන්ටිෆෙයාර් වතු පාසලට පැමිණෙමින් සිටි සිසුන් පිරිසකට උල් ආයුද අතැතිව මුහුණු ආවරණය කරගෙන පැමිණි තිදෙනකු විසින් බිය ගන්වනු ලැබ තිබෙනවා. මස්කෙළිය පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

මුහුණු ආවරණය කරගත් තිදෙනකුගේ බිය ගැන්විම හේතුවෙන් 10 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියෝ අට දෙනෙක් හා සිසුහූ තිදෙනෙක් මස්කෙළිය ප‍්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලැබිමට නතරවි තිබෙනවා.

මස්කෙළිය රෝහලේ දිස්ති‍්‍රක් වෛද්‍ය නිලධාරිවරයා කියා සිටින්නේ එම සිසුන් බිය වි ඇති බවත් ඔවුන්ට වෙනත් කිසිදු ශාරීරීක පිඩාවක් සිදුව නොමැති බවත්ය.
මෙම සිද්ධියත් සමග එම වතුයායේ ‘ගී‍්‍රස් යකෙක්‘ සම්බන්ධයෙන් බියක් මතුව ඇති බවත් වාර්තා වනවා.