FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

හෙරොයින් ලඟ තබාගත් පුද්ගලයෙක් ජීවිතාන්තය දක්වා හිරේට

on .

jail

හෙරොයින් මත්කුඩු ග්රෑම් 3.35ක් ලඟ තබාගැනීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය අද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.

2013 වසරේ මැයි මස 02 වන වනදා කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ සිදු කරල වැටලීමකදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණා. දීර්ඝ නඩු විභාගයකින් පසු කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා තීන්දු කලේ අදාල චෝදනා වලට විත්තිකරු වරදකරු කරන බවයි.

ඒ අනුව අදාල විත්තිකරුට අධිකරණය ජීවතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.