FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

යහපාලනය කුණු ප්‍රශ්නය අතට ගනී

on .

45gbh

පුත්තලම අලුවක්කාලුහි නාගරික ඝන අපද්‍රව්‍ය අවසන් වශයෙන් බැහැර කිරීමේ පහසුකම ස්ථාපනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

 

ඒ අනූව, මෙම ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියට අදාළ කසළ  හුවමාරු මධ්‍යස්ථාන, සනීපාරක්ෂක බිම් පිරවුම් හා දුම්රිය මාර්ග සම්බන්ධතා ඉදිකිරීමේ කටයුතු කඩිනමින් සිදුකිරීමට නියමිතයි. 

 කසළ බැහැර කිරීමේ ක්‍රියාවලිය 2020 දී ආරම්භ කිරීමට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණා.මීතොටමුල්ල විවෘත කසළ බිමෙහි සිදුවු කඩා වැටීම හේතුවෙන් උද්ගත වූ තත්වය තුළ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම අර්බුදයක් බවට පත්වුණා. මේ හේතුවෙන් පුත්තලම අළුඅක්කාළු ප්‍රදෙශයේ සනීපාරක්ෂක බිම් පිරවුමක් ස්ථාපනය කිරීමට යෝජනා කෙරුණා.