FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

හොරොව්පතාන ජාතික උද්‍යානයේ මායිම් සංශෝධනයක්

on .

yan oya

අලි මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් හොරොව්පතාන ජාතික උද්‍යානයේ මායිම් සංශෝධනය කර ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණා. 

 

ඒ අනූව, රිටිගල යාන්ඔය ජාතික උද්‍යානය හා මායිම් සංශෝධනය කරන ලද හොරොව්පතාන ජාතික උද්‍යානය ප්‍රකාශයට පත් කිරීම පිණිස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. 

ශ්‍රී ලංකාවේ දෙවැනි ඇත් අතුරු සෙවණ ලෙස රිටිගල ඇත් අතුරු සෙවණ ස්ථාපනය කිරීමට නියමිතයි.  ඇත් අතුරු සෙවණ සහ ඊට යාබද වනාන්තර ප්‍රදේශය ද ඇතුළත් වන හෙක්ටයාර 427.8ක භූමි ප්‍රමාණය රිටිගල යාන් ඔය ජාතික උද්‍යානය ලෙස ප්‍රකාශයට පත් කිරීමට යෝජනා වී තිබෙනවා.