FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

නියගයට ගොදුරු වූ දිස්ත්‍රික්කවලට අස්වැන්න

on .

images 1

පසුගිය කන්නයේ දි නියගයට ගොදුරු වූ දිස්ත්‍රික්කවල අස්වැන්න හානිවූ ගොවීන් වෙත වටිනාකමින් 50%ක් පමණක් අයකරගෙන බිත්තර වී අළෙවිකිරීමට රජයේ අනුමැතිය ලැබී තිබෙනවා. 

යෝජනාව ඉදිරිපත් කළේ අමාත්‍ය දුමින්ද දිසානායක මහතායි.  ගුණාත්මක භාවයෙන් යුත් උසස් බීජ වී බුසල් පන් ලක්ෂ 630,000ක් කඩිනමින් ලබාගෙන ඒ සඳහා යොමු කෙරෙනු ඇති.  අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් 2017 හා 2018 යල කන්නයේ දී බීජ වී හිගයක් ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. 

මේ යටතේ පැළවීම සහතික කළ බීජ වී සැපයීමේ කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද යොජනා කෙරුණා.  සාමාන්‍යයෙන් මහ කන්නයේ දී මෙරට කුඹුරු ඉඩම් හෙක්ටියාර ලක්ෂ 8ක පමණ වි වගාව සිදු කෙරෙනවා.  ඒ සඳහා වී බුසල් ලක්ෂ 40ක් පමණ භාවිත කෙරෙනු ඇති.