FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

පිරිවෙන් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේට රජයෙන් ශිෂ්‍යාධාර

on .

corww

ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සඳහා අධ්‍යයන කටයුතු ප්‍රවර්ධනය කිරීමට ශිෂ්‍යාධාරයක් ලබාදීම සඳහා 2017 අය වැයෙන් යෝජනා කෙරුණා. 

මේ යටතේ ඉගෙනුම් ප්‍රවර්ධන ප්‍රදානයක් ඒ ඒ පිරිවෙන්හි කෘත්‍යාධිකාරී ගිණුමට ලබාදීමට නියමිතයි.  අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළා යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණා. 

ශිෂ්‍ය භික්ෂූන් වහන්සේගේ සුභසාධක කටයුතු, පොත්පත් හා උපකරණ සපයා  ගැනීම, විෂය භාහිර වැඩසටහන්, කුසලතා සංවර්ධන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම හා විදේශීය භාෂා දැනුම වර්ධනය කිරීම,  ගමන් වියදම් දැරීම යන අවශ්‍යතා ඉටු කරගැනීමට මෙමගින් හැකිවෙනවා. මෙරට ගොඩනැගුණු සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය පිරිවෙන් අධ්‍යාපනයයි.  දිවයිනේ මූළික පිරිවෙන්, මහ පිරිවෙන් හා විද්‍යා ආයතන පිරිවෙන් හා විද්‍යායතන පිරිවෙන් වශයෙන් පිරිවෙන් 758ක් ක්‍රියාත්මකයි.