FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

දේශීය ඖෂද නිෂ්පාදනය නංවන්න තවත් පියවරක්

on .

244f

දේශිය ඖෂධ නිෂ්පාදන කර්මාන්තය නගා සිටුවීමට රාජ්‍ය, පෞද්ගලික බද්ධ ව්‍යාපාර ඇරඹීමට රජයේ අවධානය යොමු වුණා. 

  මේ අනූව රෝහල් සඳහා අවශ්‍ය නැවුම් හා උසස් තත්වයෙන් යුතු ඖෂධ ද්‍රව්‍ය කාර්යක්ෂමව රජයේ රෝහල්වෙත අඛණ්ඩව සැපයීමේ හැකියාවක් ලැබෙනවා.  ඊට අදාළ ආයෝජකයන් හඳුනාගෙන එම අයෝජකයන් හා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව අතර බද්ධ ව්‍යාපාර ආරම්භ කිරීමට රජය සැලසුම්කර තිබෙනවා. 

ලැබුණු යෝජනා 36ක් ඇසුරින් සාර්ථක යෝජනා 31ක් පිළි ගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ජා සම්මුති කමිටුවට මේ වන විට නිර්දේශ ඉදිරිපත් කරනු ලැබ තිබෙනවා.  යෝජනාව ඉදිරිපත් කලේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතායි.