FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

චාමස් ධාන්‍යගාර භූමියේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පියවර

on .

Colombo-City-Sri-Lanka

කොළඹ කොටුව චාමස් ධාන්‍යාගාර භූමියේ යෝජිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රජය පියවරගෙන තිබෙනවා. 

මේ අනූව බහු මාදිලි ප්‍රවාහන කේන්ද්‍රස්ථාන ව්‍යාපෘතියක් ලෙස මෙය ඉදි කෙරෙනු ඇති.  කොළඹ නගර පිවිසුම ලෙස එම ඉඩම සංවර්ධනය කිරීමට නියමිතයි.  සියලු ප්‍රවාහන මාදිලි ඒකාබද්ධ කරමින් කොළඹ කොටුව හා පිටකොටුව ප්‍රදේශයේ බහුමාදිලි ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ස්ථාපනය කිරීමට මෙමගින් ඉඩ සැලසෙනවා.

  ඒ සඳහා තරගකාරී ලන්සු කැදවීම ඔස්සේ ආයෝජකයෙකු තෝරාගැනීමට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණා.