FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

පළාත් රැසකට 2.00න් පසු තද වැසි

on .

rain sril

දිවයිනේ බොහෝ පළාත්වලට සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහති වැසි හෝ ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

 බස්නාහිර සහ දකුණ පළාත්වල උදෑසන කාලයේ දී වැසි ඇතිවිය හැකියි.  විශේෂයෙන් උතුරු මැද පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට තරමක් තද වැසි හටගනු ඇති.  ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තරමක් තද වැසි හටගනු ඇති.  ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකියි. 

අකුණු අනතුරුවලින් ආරක්ෂා වන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.  පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල  තැනින්  තැන වැසි ඇතිවිය හැකියි.  සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි ඇතිවන බවයි, කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර මාතලේ සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට නාය අවදානම් නිවේදනයක් නිකුත් කර ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.  කුකුළේ ගඟේ වාන් දොරටුවක් ද විවෘත කර තිබෙනවා.  මේ නිසා ගඟ දෙපස පහත් බිම්වල ජනතාවට විමසිලිමත් වන ලෙසයි, එම මධයස්ථානය ඉල්ලා සිටින්නේ.