FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

මස්කෙළියේ ගල් පර්වතයක් කඩා වැටේ

on .

Hatton-Rockමස්කෙළිය පොලිස්වසමට අයත් බ‍්‍රවුන්ලෝ වතුයායේ වතු නිවාස පේලියක පිටුපස කොටසට ගල් පර්වතයක් කඩාවැටිම හේතුවෙන් එම නිවාස පේලියේ පදිංචි පවුල් හයකට අයත් සාමාජිකයන් විසි දෙදෙනෙකු පමණ එම වතුයායේම සංස්කෘතික මධ්‍යස්ථානය වෙත ආරක්‍ෂිතව යොමුකිරිමට පියවර ගත් බව මස්කෙළිය පොලිසිය පවසනවා.

ඊයේ (09.09) රාති‍්‍ර 10.00 ට පමණ පැවති වර්ෂාවත් සමග මෙම ගල් පර්වතය කඩා වැටුණු බවත් තවත් ගල් කිහිපයක් වතු නිවාසපෙල මතට කඩාවැටිෙමි අවධානමක් පවතින නිසා මෙම පියවර ගත් බවයි පොලිසිය පැවසුෙවි. අවතැන්වුවන් සදහා අවශ්‍ය ආහාරපාන වතුපාලන අධිකාරිය මගින් ලබාදිමට කටයුතු කර ඇත.