FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

මධ්‍යම කඳුකරයේ ජලාශ පිටාර මට්ටමට

on .

Castle-ree

මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප‍්‍රදේශ වලට පසුගිය දිනවල කඩින් කඩ ඇද හැලූණු අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මටිටම පිටාර මටිටමට ආසන්න වි ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා.

කාසල්රි ජලාශය පිටාර මටිටමට අඩි හතක්ද මාවුස්සා කැලේ ජලාශය අඩිඅටක් වශයෙන්ද පවතින බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ. එම ජලාශ වල ජල මටිටම ඉහළයැමත් සමග ලක්‍සපාන නව ලක්‍ෂපාන කැනියොන් පොල්පිටිය විමලසුරේන්ද්‍ර යන ජල විදුලිබලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවයකින් සිදුකරන බව එම විදුලිබලාගාර වල ඉංජිනේරුවන් පවසනවා. පැවති අයහපත් කාළගුණ තත්ත්වය අද (08.09)දිනය වන විට තරමක් පහව ගොස් තිබෙනවා.