FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

රජයේ ඉඩම් වල හිමිකම් ඔප්පු ප‍්‍රදානයට අදාල කොන්දේසි ලිහිල් කිරීමට කටයුතු කරනවා

on .

DSC 0017

රජයේ ඉඩමක බොහෝ කාලයක් පදිංචි වී සිටියත්, ඉඩම් භුක්තිය වින්දත් සමහර අවස්ථා වලදී ඉඩමේ හිමිකම පෙන්වීමට ඇති බාධක - කොන්දේසි ලිහිල් කර සින්නක්කර අයිතිය ලබා දෙන අදාල හිමිකම් ඔප්පු ඉක්මණින් ලබා දීමට කටයුතු කරන බවත්, ඒ සදහා ප‍්‍රාදේශීය ලේකම්තුමන්ලා සමගින් සාකච්ඡුා කර රජයේ ඉඩම් වල පදිංචි අය සදහා හිමිකම් ඔප්පු ලබා දීමේ ඉක්මන් වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක මහතා මෙම අදහස් පළකළේ ගාල්ල, නාගොඩ, තලාව, ගම්මැද්දේගොඩ ප‍්‍රදේශයේ පැවති ගැමි හමුවකදීය.

ගාල්ල, නාගොඩ, උඩුවැලිවිටිතලාව, ගම්මැද්දේගොඩ එක්සත් අවමංගල්‍යාධාර සංගමයේ ඉල්ලීම පරිදි තම ප‍්‍රතිපාදන යටතේ එම සංගමයට ප්ලාස්ටික් පුටු 68ක් භාරදීම ද මෙහිදී සිදු කෙරුණි.