FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

කළුතර ධර්ම විජය පිරිවනේ නායයෑමක්

on .

c87b22e6901e11db2c1ba2e531a

කළුතර නගරයට ආසන්නව පිහිටි ධර්ම විජය පිරිවෙ‍නේ භූමියේ කොටසක් දින කිහිපයක සිට පතිතවන වර්ෂාවත් සමඟ නායයෑමට ලක් වී තිබෙන බව කළුතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

මෙම නායයෑමෙන් පිරිවෙන තුළ පිහිටි කිසිදු ගොඩනැගිල්ලකට හානි සිදුවී නොමැත.

දිස්ත්‍රික් ලේකම් යූ .ඩී. සී ජයලාල් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අද උදෑසන මෙම ස්ථානය පරීක්ෂා කළ අතර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශයන් කඩිනමින් ලබාදෙන ලෙස එම ආයතන දැනුවත් කරනු ලැබීය.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම ස්ථානය අද දින පරීක්ෂාවට ලක් කර ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කරනු ලැබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශයන් මත අවශ්‍ය ක්‍රියායාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා විසින් කළුතර ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රසාද් ජයසිංහ මහතාට උපදෙස් දෙන ලදී .