FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

ක්ෂේත්‍ර නිලධාරීන්ට යතුරුපැදි

on .

naveen

කුඩා තේ වතු හා රබර් වතු පුනර්ජනනීය ව්‍යාපෘතියේ ක්ෂේත්‍ර නිලධාරීන්ට යතුරුපැදි ලබාදීමේ උත්සවයක් අද පැවැත්වුණා. 

ඒ වැවිල් කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.  ක්ෂේත්‍ර නිලධාරීන් 80 දෙනෙකුට යතුරුපැදි ප්‍රදානය කෙරුණේ, ඔවුන්ගේ සේවයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අරමුණෙන්. 

 

බත්තරමුල්ල, රබර් සංවර්ධන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවති උත්සවයට ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.  එහිදී අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසුවේ ඉදිරියේ දී ක්ෂේත්‍ර නිළධාරීන්ගෙන් වැඩි සේවයක් බලාපොරොත්තු වන බවයි.