FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

කුලියාපිටිය මුලික රෝහල රජය යටතට

on .

kuliyapitiya hospital

වයඹ පළාත් සභාව යටතේ ඇති කුලියාපිටිය මුලික රෝහල රජයට පවරා ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අවධාරනය කරනවා. වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීමේ එක් පියවරක් ලෙස මෙම තිරණයට එළඹි බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

එම වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම සදහා රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබෙනවා. කුලියාපිටිය මුලික රෝහල රජයට පවරා ගැනීමෙන් පසු ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කෙරෙනවා. ඒ සදහා වූ කැබිනට් පත්‍රිකාව සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දි තිබෙනවා.

ඒ සම්බනධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පත්කර ඇති  කමිටුව සෞඛ්‍ය අමාත්‍යාංශය, වයඹ විශ්ව විද්‍යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය නිලධාරීන් නියෝජනය කරනවා.

සබරගමුව විශ්ව විද්‍යාලය සහ මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධව ද වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට නියමිතයි.