FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

මන්ත්‍රී ඉෂාක් රහුමාන් බොදු බලය වෙනුවෙන්

on .

ishaQ DSC04894 1

තමන් ලැබෙන මුදල් ප්‍රතිපාදන වලින් වැඩිම කොටස සිංහල ජනතාවට වෙන් කිරීමටත් තමන් සිංහල බොදු ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින මන්ත්‍රිවරයෙක් බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඉෂාක් රහුමාන් මහතා පවසනවා.   ආගම්වාදය , ජාතිවාදය, පන්ති බේද පිළිබ තමන් දරන මතය ප්‍රකාශ කරමින් ඔහු පැවසුවේ මුස්ලිම් ප්‍රජා බෝවී ඇත්තේ සිංහල කාන්තාවගෙන් බවත්, එනිසා සියලු දෙනා සහෝදරයන් මෙන් රටේ ජීවත්විය යුතු බවයි මන්ත්‍රි රහුමාන් පවසන්නේ.

ishaQ DSC04894 3

අනුරාධපුර ගල් නැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි අලිවන්ගුව නමැති යාචක පිරිසක් වෙසෙන ගමක අඩුපාඩු සපුරාදීම සදහා පැවති උත්සවයකදී ඔශු මේ බව කියා සිටියා. තව වැඩිදුරටත් කිවේ බොදු ජනතාවට තමන්ගේ ආගම අදහා ගැනීමට කිසිදු අයකුගේ බාධාවක් නොවිය යුතු බවත් එසේ බලපෑම් එල්ල වන්නේ නම් තමන් ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවයි.

තමන් දෙපාලනයට එන්නට පෙර මේ අලිවන්ගුව ගමේ ජනතාවට උදව් කල බවද ගමට තමන්ගේ පියාගේ නමින් නිවසක් තනා දුන් බවද කිවේය . දේශපාලන වාසි ගන්නට ජනතාව ලගට නොයන බවත් හදවතින්ම තමන් බොදු ජනතාවට උදව් කරන බවද කිවේය .

mp ishaq -2017-07-17

තමන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැවීමට න්දය ලබා දුන්නේ බොදු සිංහල ජනතාව බවත් නිසා තමන් ජනතාවට උදව් කරන බව කිවේය .