FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

වීරකැටිය - තරුණයෙකුට පහරදී ඝාතනය කෙරේ

on .

murd

වීරකැටිය ප්‍රදේශයේදී තරුණයෙකුට පහරදී තුවාල සිදුකර ඝාතනය කර ඇති බවට ලැබුණු තොරතුරක් මත වීරකැටිය පොලීසි විමර්ශන ආරම්භ කර තිබෙනවා. 

ඊයේ දින රාත්‍රී වීරකැටිය ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයකට සහභාගී වී නැවත නිවසට යන අතරතුරදී ඔහු මෙම සිද්ධියට මුහුණ පා තිබෙනවා.

  මෙසේ මිය ගොස් ඇත්තේ 21 හැවිරිදි රවිදු නිම්සර ගාර්දිවසම් යන අයයි.  ඔහු පහලගොඩ, තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හම්බන්තොට රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.  ඝාතනය සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වීරකැටිය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.