FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

පා.ම. කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ නඩුව සැප්තැම්බර් 11ට කල් යයි

on .

keheliya1-415x260

පා.ම. කෙහෙලිය රඹුක්වැල්ල මහතාට හා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටිපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතාට විරුද්ධව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ගොනු කර ඇති නඩුව අද කැඳවනු ලැබුවා.

අද නඩුව කැඳවූ අවස්ථාවේදී චෝදන පත්‍ර සම්බන්ධයෙන් විත්තිය විසින් මූලික විරෝධතා ඉදිරිපත් කළා. එම කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසංහ බණ්ඩාර මහතා විත්තයේ විරෝධතා ලිඛිතව ගොනු කිරීමට සැප්තැම්බර් 11 නඩුව නැවත කැඳවීමට නියෝග කළා.

ඒ පසුගිය රජයේ සමයේ කෙහෙලිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා වී සිටියදී 2012 මාර්තු 15 සිට 2012 අප්‍රේල් 14 යන කාලය තුළ අමාත්‍යවරයාගේ (0773444444) යන දුරකථන අංකයට මස බිල වන රුපියල් දෙලක්ෂ තිස්දහස් නවසිය හතරයි සත හතලිස් පහක් යන මුදල රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදලින් පියවීමට කටයුතු කිරීම මගින් රජයට පාඩු සිදුකිරීම ඇතුළු චෝදනා 3ක් යටතේ කෙහෙලිය රඹුක්වැල්ල මහතාට, මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටිපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන අයට විරුද්ධව අල්ලස් පනත යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසන් සභාව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කළා.