FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

තිස්ස අත්තනායක මහතාගේ නඩුවේ සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනීසිටීමට අවවාද

on .

Tissa-415x260

ඉකුත් ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ව්‍යාජව සැකසූ ලේඛනයක් සත්‍ය ලේඛනයක් ලෙස ඉදිරිපත් කිරීමේ චෝදනා තුනක් යටතේ හිටපු පා.ම. තිස්ස අත්තනායක මහතාට විරුද්ධව ගොනු කර තිබූ නඩුව අද නැවත කැඳවනු ලැබුවා.

එම නඩුව සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් වශයෙන් ජනාධිපතිතුමාට හා අගමැතිතුමාට පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස ඉදිරපත් වී කරුණු දැක්වීම සඳහා සිතාසි එවා තිබුණද තමන්ගේ රාජකාරී හේතු මත ඔවුන් අද අධිකරණයේ පෙනී නොසිටි අතර නැවත දෙසැම්බර් 4 වනදා අධිකරණයේ පෙනීසිටීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් නැවත සිතාසි නිකුත් කළ අතර සෙසු සාක්ෂිකරුවන්ටද එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අවවාද කළා.

ජනාධිපති තේරීම් පනත, ශ්‍රි ලංකා දණ්ඩ නීති සංග්‍රහය, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේයි මෙම නඩුව සිදු කෙරුණේ.