FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

ඉන්දීය ධීවරයන් 4කට මාංචු

on .

2

නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, උතුරු නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින්.  කෝවිලන් මුහුදු ප්‍රදේශයට වයඹ දෙසින් නාවික සැතපුම් 9ක් පමණ දුරින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුද සීමාවේ ඔවුන් ධීවර කටයුතුවල නිරතව සිටියා.

  ඉන්දීය ධීවරයින්ට අයත් යාත්‍රාවක් ද නාවික හමුදා බාරයට ගැනුණා.  අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාව සහ ධීවර ආම්පන්න එලාර ආයතනය වෙත රැගෙන ඒමෙන් අනතුරුව, යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ වෙත බාරදීමට නියමිතයි.