FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

බන්ධනාගාර සේවයේ - දිවි පිදූවන් වෙනුවෙන් උපහාර

on .

prison

112 වන බන්ධනාගාර දිනය ඊයේ සමරනු ලැබුවා.  ඒ බොරැල්ල බන්ධනාගාර මූලස්ථානයේ දී. 

මෙවර ප්‍රධාන උත්සවය පැවැත්වුණේ බන්ධනාගාර සේවයේ යෙදී සිටිය දී දිවිපිදූ නිලධාරීන් සැමරීම සඳහායි.    බන්ධනාගාර මූලස්ථානයේ පිහිටි ස්මාරකයට පුෂ්පෝපහාර පුද කෙරුණා. 

දිවි පිදූ බන්ධනාගාර නිලධාරීන්ගේ පවුල්වල ඥාතීන් ද පුෂ්පෝපහාර දැක්වීමට එක්වුණා.  ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට සහභාගී වුණේ නීතිපති ජයන්ත ජයසූරිය මහතා. 

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා ඇතුළු බන්ධනාගාර අධිකාරිවරු පිරිසක් ද මීට එක්ව සිටියා.