FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

අඩි හැටේ වැඩ කඩිනමින්

on .

03 1

උඩරට දුමිරිය මාර්ගයේ හැටන් සහ කොටගල අතර අඩි හැටේ පාලම මතදි පසුගියදා තැපැල් දුම්රියේ මැදිරි හතරක් පිලි පැනිමෙන් පාලමට අලාභ හානිවුවා.

පාලෙමි ප‍්‍රතිසංස්කරණ කටයුතු කඩිනමි කිරිම සදහා දුමිරිය දොර්තෙමින්තුව සතු කුඩා දුමිරිය දොඹකරයක සහයෝගය ලබා ගෙන තිබෙනවා.

 අද උදෑසන පාලෙමි ප‍්‍රතිසංස්කරණ කටයුතු සදහා රැගෙන එන උපකරණ ගොඩ බෑමට මෙම දොඹකරයේ සහයෝගය ලබා ගන්නා බවයි බව දුමිරිය දෙපාර්තෙමින්තුවේ පාලම් අංශයේ ප‍්‍රධාන ඉංජිනේරු රංජිත් විජේසිරි මහතා ප්‍රකාශ කළා.

තාක්ෂණය අඩු කාලයකදි මෙම පාලම ඉදිකර ඇති බවත් වර්තමානයේ වැඩි බරකින් යුත් දුම්රිය එන්ජින් ධාවනයට එක්කර තිබිම නිසා මෙම පාලම වෙනුවට නව යකඩ පාලමක් සවිකිරිම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තෙමින්තුවේ අවධානය යොමුවි ඇති බවයි රංජිත් විජේසිරි මහතා ප්‍රකාශ කලේ. අලාභ හානි වු මෙම පාලම සති තුනක් ඇතුලත අලූත් වැඩියා කර උඩරට දුම්රිය ගමනා ගමනය යලි යථා තත්ත්වයට පත් කිරිමට සැලසුම් කර තිබෙනවා.

දුම්රිය සේවකයන්ගේ කාර්යක්ෂම සේවය හමුවේ පාලම ප‍්‍රතිසංස්කරණය කර අවසන් කිරිමට සැලසුම් කළ කාලයට වඩා අඩු දින ප්‍රමාණයකින් යථා තත්ත්වයට පත් කිරිම අපේක්‍ෂාව බවයි රංජිත් විජේසිරි පවසන්නේ.  එම දුම්රිය පීලි පැනිමෙන් මැදිරි හතරකට දුම්රිය මාර්ගයට සහ දුම්රිය පාලමට දැඩි අලාභ හානි සිදුවුණා.

කොළඹ නාවලපිටිය සහ බදුල්ල දුම්රිය නඩත්තු අංශවල සේවකයන් දොඹකරයක ආධාර නොමැතිව දැඩි කැපවිමක් හා පරිශ‍්‍රමයක් දරා ඊයේ දිනයේ පිලි පැන්න දුම්රිය මැදිරි හතර පිලි ගත කිරිමට කටයුතු කළ‍. දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් වන තෙක් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු කොළඹ සිට හැටන් දක්වාත් බදුල්ලේ සිට කොටගල දක්වාත් සිමා කරෙුණා. එතැන් සිට ලංගම බස් රථ වලන් මගීන්ව දුමිරියන් වලට හුවමාරු කරනු ලබනවා. එම මාර්ගයේ ධාවනය වන භාණ්ඩ ප‍්‍රවහාන දුම්රිය කිහිපයක් දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් වෙන තෙක් අවලංගු කිරිමට දුමිරිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. 

852

038

23

04 1