FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

බහුදින ධීවර යාත්‍රාවලට රු.මිලියන 78ක වියදමින් E- Log book

on .

tab for fisherman

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 78ක වියදමින් මසුන් ඇල්ලීම පිළිබ තොරතුරු ඇතුළත් කිරීම සදහා ලබා දෙන ටැබ් පරිගණක හෙවත් E- Log book ලබා දීමට මේ වනවිට සියලු කටයුතු අවසන් කර ඇතැයි, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.  

මේ යටතේ බහුදින ධීවර යාත්‍රා සදහා E- Log book 2328ක් ලබා දීමට නියමිතයි. ජාත්‍යන්තර මුහු‍‍දේ මත්ස්‍ය සම්පත නෙලා ගැනීමේ දී අන්තර් ජාතික නීතිය අනුව එක් එක් බහුදින ධීවර යාත්‍රාව විසින් අල්ලා ගනු ලබන මසුන් පිළිබද දත්ත පරිගණක ගත කළ යුතුයි.

එමෙන්ම ඒ පිළිබද තොරතුරු සෑම රටක්ම යුරෝපා සංගමයට ලබා දිය යුතු අතර එසේ කරන්නේ මත්ස්‍ය සම්පත නෙලා ගැනීමේ දී බොහෝ රටවල් කළමණාකරණයකින් තොරව එම කටයුතු සිදු කිරීම වැළැක්වීම සදහායි. එමෙන්ම මත්ස්‍ය සම්පත ආරක්ෂා කර ගැනීම මෙන්ම ඉවක් බවක් නැතිව සිදු කරන ධීවර කර්මාන්තයේ දී සිදුවන සම්පත් අවභාවිතය වළක්වාලීම සහායි.

 මේ යටතේ ශ්‍රී ලංකාවේ වත්මන් රජය යටතේ මෙම ජාත්‍යන්තර ධීවර නීති පිළිපදින රටක් වශයෙන් අන්තර් ජාතික පිළිගැනීමට ලක්වීම අවශ්‍ය වේ.

කෙසේ වුවද මෙම E- Log book භාවිතය සදහා යොදා ගන්නා මෘදුකාංග මේ වනවිට කොළඹවිශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අංශය විසින් සකස් කර ඇති අතර ධීවර ප්‍රජාවට එම මෘදුකාංග භාවිතය හා E- Log book භාවිතය පිළිබද පුහුණුවක් ලබා දීමට ද සැලසුම් කර තිබෙනවා.

 මෙම E- Log book ධීවර ප්‍රජාව වෙත නොමිලේ බෙදා දීමට කටයුතු කරන අතර ඒවා ඉදිරි දිනෙක බෙදා හැරීමට කටයුතු යොදා ඇතැයි ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.