FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

මාලඹේ නෙවිල් රෝහල රජයට පවරා ගැනීම අද

on .

1

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීම අද සිදු කෙරෙනවා. 

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.  වටිනාකමින් රුපියල් බිලියන 3.5ක් වන නෙවිල් ප්‍රනාන්දු රෝහල අමාත්‍යාංශය යටතට පවරා ගැනීමෙන් පසු ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යන බවයි, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසන්නේ.  ශික්ෂණ රෝහලකට අවශ්‍ය සියලු පහසුකම් එම රෝහල සතුයි. 

රෝහල ඉදිකිරීම සඳහා ලබාගත් බැංකු ණය ඉදිරියටත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් අඛණ්ඩව ගෙවනු ලබනවා.  ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල මෙන්, විශේෂ මණ්ඩලයක් මගින් නිදහස් රෝහලක් ලෙස එහි සේවා කටයුතු අගෝස්තු 01 වැනිදින සිට ක්‍රියාත්මක කෙරෙනවා.  විශේෂඥ වෛද්‍යවරු 44 දෙනෙකු සහ වෛද්‍යවරු 70කට අධික සංඛ්‍යාවක් එහි සේවය කරනවා. 

මහජන සේවාවන් සඳහා එය විවෘත කිරීමෙන් ජනතාවට විශාල සේවයක් සැලසෙන බවයි, අමාත්‍යවරයා පවසන්නේ.  විදේශීය වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් වාර්ෂිකව වැය කරන රුපියල් බිලියන 132ක මුදලක් ඉතිරිකර ගැනීමට මින් හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා කියා සිටිනවා.