FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

අනවසරෙන් මැණීක් ගෑරු ජාවාරමිකරුවන් පිරිසක් පොලිස් අත්අඩංගුවට

on .

01-5

කාසල්රි ජලාශයට ජලය ගලා බසින කෙසෙල්ගමු ඔය රක්‍ෂිතයේ අනවසරෙන් මැණීක් ගෑරු සැකකරුවන් පස් දෙනෙකු අද (16.07) අලූයම සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක කේ.සි ධර්මපි‍්‍රය මහතා පැවසුවා.

මෙම ජාවාරමිකරුවන් පිරිස විශාල පරිසර හානියක් සිදුකරමින් බගවන්තලාව ටින්සින් ප‍්‍රදේශයේ කෙසෙල්ගමු ඔය රක්‍ෂිතයේ ඉවුරු කාදනයට වගා කර ඇති උණ පදුරු අසල සහ ඒ අසලම වු තේ පදුරු ගලවා මෙම අනවසර මැණික් ගැරිම සිදුකරමින්් සිටි බවයි පොලිස්ස්ථා නාධිපතිවරයා පැවසුෙවි.

01-7

මෙම අනවසර මැණීක් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැුසක්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර විශාල වලවල් හාරා මැණීක් ඉල්ලමි ගොඩ ගෙන එම ඉල්ලමි පස් කෙසෙල්ගමු ඔයට සොදා ඇති බවද පොලිසිය පවසන්නේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ටින්සින් ප‍්‍රදේශයේම පදිංචිකරුවන් බවත් ඔහුන් පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ඔහුන්ට එරෙහිව හැටන් මහේස්ත‍්‍රාත් අධීකරණයේ නඩු පවරන බවද පොලිස් ස්ථානාධීපතිවරයා වැඩි දුරටත් පැවසුවා.

01-1-1