FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

කේරළ ගංජා තොගයක් සමග තිදෙනෙකුට මාංචු

on .

ganja arw

කොළඹ 05, හැව්ලොක් සිටි ප්‍රදේශයේ දී කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනුණා.

වැටලීම සිදු කෙරුණේ, නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්වයි.  අත්අඩංගුවට ගනු ලැබූ කේරළ ගංජා ප්‍රමාණය කිලෝ 6ක්.

නාවික හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනූව, බටහිර නාවික විධානයට අනුයුක්ත නාවි භට පිරිසක් හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව වැටලීම සිදුකර තිබෙනවා. 

ඔවුන් පැවසුවේ, ගංජා තොගය අලෙවි කිරීම සඳහා, ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ බවයි, සැකකරුවන් අතර කාන්තාවක් ද සිටිනවා.