FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

පීලි පැන්න තැපැල් දුම්රියේ මැදිරි 2ක් පීලිගත කෙරේ

on .

train

පීලිපැනීමට ලක් වූ කොළඹ - බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියේ මැදිරි දෙකක් මේ වන විට පීලිගත කර තිබෙනවා.

  අනතුරෙන් දුම්රිය මාර්ගයට හා පාලමකට දැඩි අලාභ හානි සිදුවූ තර, මාර්ගය යථා තත්වයට පත් කරන තෙක් හැටන් සහ කොටගල අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටවනු ලැබුවා. 

  පීලි පැනීමට ලක්වූ තවත් මැදිරියක්, අද අලුයම වන විට පීලිගත කිරීමට හැකිවුණා.  දුම්රියේ නිදන මැදිරිය පීලිපැනීමෙන්, අඩි 60 දුම්රිය පාලමට හා දුම්රිය මැදිරියට දැඩි අලාභ හානි සිදුවුණා. 

මැදිරි පීලිගත කිරීමට බදුල්ල, නාවලපිටිය සහ කොළඹ දුම්රිය අංගනවල සේවකයින් දිවා - රාත්‍රී දැඩි පරිශ්‍රමයක් දරන බවයි වාරතා වන්නේ.

  දුම්රිය පාලම යථාතත්වයට පත් කිරීමට ද, සති කිහිපයක් ගත විය හැකි බව, දුම්රිය ඉංජිනේරුවන් ප්‍රකාශ කළා.  මාර්ගය යථා තත්වයට පත් කරන තෙක්, කොළඹ කොටුව සිට බදුල්ල දක්වා දිවෙන දුම්රිය ධාවනය කෙරෙන්නේ, හැටන් දුම්රිය ස්ථානය දක්වා පමණයි.