FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

මාධ්‍ය එක්ව ඇරඹූ මදුරු මර්දන ජාතික වැඩසටහනේ 2 අදියර අද

on .

dengu e.jpg234

සියලු විද්‍යුත් මාධ්‍ය ආයතන එක්ව ක්‍රියාත්මක කරන, මදුරු මර්දන ජාතික වැඩසටහනේ දෙවැනි අදියර, අද බස්නාහිර පළාතෙන් ආරම්භ කෙරුණා. 

අපිම අරඹමු - ඩෙංගු දුරලමු එහි තේමාවයි.  ඩෙංගු රෝගය තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව මෙය ක්‍රියාත්මකයි. 

ප්‍රජාමූල සංවිධානවල ද සහය ඇතිව, බස්නාහිර පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස රැසක, වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි. 

මාධ්‍ය ආයතනවල මූලිකත්වයෙන් අදාළ ප්‍රදේශයන්හි පරිසර පවිත්‍ර කිරීම මෙන්ම, ජනතාව දැනුවත් කිරීම ද සිදු කෙරුණා.  ජාතික රූපාවාහිනිය ඩෙංගු මර්දන දැනුවත් කිරීමේ වැඩසටහන පවත්වනු ලැබුවේ, මහරගම ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින්.  

Footer Banner b