FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

වත්මන් ජනපති මෙරට සිදුකර ඇත්තේ විප්ලවීය පරිවර්තනයක් - බංග්ලාදේශ කතානායකවරිය කියයි

on .

19961564 10155316987931327 2395007468365574429 n

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇත්තේ විප්ලවීය පරිවර්තනයක් බව බංග්ලාදේශ කතානායක ශිරින් ශ්‍යාමින් චච්දූර් මහත්මිය පවසනවා. 

ශ්‍රී ලංකා ජනාධිපතිතුමා බංග්ලාදේශ කතානායකවරිය ඩකා අගනුවරදී හමුවූ අවස්ථාවේදී ඇය මේ බව කියා සිටියා.  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කලාපයේ අත්දැකීම් සහිත නායකයෙකු බව පැවසූ ඇය පොදු රාජ්‍ය මණ්ඩලීය කලාපයටම මහඟු ආදර්ශයක් බව කියා සිටියා. 

 

දෙරටේ පාර්ලිමේන්තු අතර සබඳතාවය ඉහළ නංවා ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ජා වුණා.  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමේ නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු වුණා.

  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහි දී කියා සිටියේ, තමා සිය අසීමිත බලය පාර්ලිමේන්තුව වෙත පවරා දුන් බවයි.  තමා සතු බලය තවදුරටත් පාර්ලිමේන්තුව වෙත පවරාදීමට අවශ්‍ය වුව ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඊට ඉඩක් නොලැබුණු බව ද කියා සිටියා. 

පාර්ලිමේන්තුව ශක්තිමත් කළ යුතු අතරම එහි ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමේ වැදගත්කම පැහැදිලි කළ ශ්‍රී ලංකා ජනාධිපතිතුමා, පාර්ලිමේන්තුවට ඉදිරිපත්වන මන්ත්‍රීවරුන් පුහුණු කිරීමේ වැඩසටහන්වල වැදගත්කම අවධාරණය කළා.

  පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා ගනිමින් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට තමාට හැකි වූ බව සඳහන් කළ ජනාධිපතිතුමා පාලකයෙකුට අහිතකර බලතල බොහෝමයක් ඉවත් කරමින් ස්වාධීන කොමිසන් සභා මගින් ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ නව පිටුවක් පෙරළීමට හැකි වූ බව ද කියා සිටියා.