FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය සබඳතා තර කරගත යුතුයි - බංග්ලාදේශ ජනපති කියයි

on .

05-5-1-1024x479

දීර්ඝ කාලයක් ඉදිරියට පවත්වාගෙන යා හැකි අන්දමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර සබඳතා ශක්තිමත් කර ගත යුතු බව, බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් මහතා පවසනවා. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා බංග්ලාදේශ ජනාධිපතිතුමා අතර, පැවති නිල හමුවේදී අබ්දුල් හමීඩ් මහතා මේ බව කියා සිටියා.  හමුව සිදුවුණේ ඩකා අගනුවර ජනාධිපති මන්දිරයේදී. 

බංග්ලාදේශ ජනාධිපති මන්දිරය වෙත පැමිණි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව බංග්ලාදේශ ජනාධිපතිතුමා විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබුවා. 

තමා ද ගමෙන් පැමිණි ජනාධිපතිතුවරයෙකු වන අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද ගමෙන් පැමිණි ජනාධිපතිවරයෙකු ලෙස අද ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් ඉටු කරන නිහතමානී මෙහෙවර තමා බෙවෙහින් අගය කරන බව බංග්ලාදේශ ජනාධිපතිවරයා කියා සිටියා.

බංග්ලාදේශයට පැමිණි අවස්ථාවේ සිට එරට රජයත් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය ඇතුළු සියලු දෙනා ලබා දුන් සුහදශීලී පිළිගැනීම සහ ආගන්තුක සත්කාර වෙනුවෙන් ජනාධිපතිතුමා බංග්ලාදේශ ජනාධිපතිතුමා වෙත සිය කෘතවේදීත්ය පළ කළා.