FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

ඩ්‍රෝන - රූගත කිරීම්වලට රෙගුලාසි එයි

on .

how-drones-will-change-the-world-in-the-next-5-years 1

ඩ්‍රෝන යානා උපයෝගී කරගනිමින් සිදුකරන රූගත කිරීම් සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ප්‍රමිති හා රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. 

ඒ සඳහා නීති පද්ධතියක් සකස් කිරීමට හා අදහස් ලබාගැනීමේ එක්දින වැඩමුළුවක් හුණුපිටිය සිවිල් ගුවන්සේවා අධිකාරී කාර්යාල ශ්‍රවණාගාරයේ දී  ඊයේ පැවැත්වුණා.  දැනට අක්‍රමවත් ලෙස ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. 

ඉදිරියේ දී ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන්සේවා අධිකාරීයේ ලියාපදිංචිය සහ අවසරයට අමතරව ආරක්ෂක අමාත්‍යාංශයේ සහ අදාළ ප්‍රදේශයේ සංස්කෘතික, පුරාවිද්‍යා, වාරිමාර්ග, බලශක්ති අධිකාරිය යන ආයතනවල ද ඊට අමතරව ප්‍රදේශයේ පොලිස් ස්ථානයෙන් ද අවසර ලබාගත යුතු බවයි, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසන්නේ. 

විනෝදාංශයක් වශයෙන් හෝ අධ්‍යාපනික අරමුණු සඳහා ග්‍රෑම් 200ට අඩුබරකින් යුත් කැමරා රහිත ඩ්‍රෝන යානයක් තම ගෙවත්තේ අඩි 150කට අඩු ගුවන් පරාසයක් තුළ ගුවන්ගත කිරීම සඳහා අවසරයක් හෝ ලියාපදිංචි කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ.  එම බරට වඩා වැඩි කැමරා සවිකරන ලද සෑම ඩ්‍රෝන යානාවක්ම මෙන්ම ඒවා ක්‍රියාකරන්නන් ද සිවිල් ගුවන්සේවා අධිකාරියේ ලියාපදිංචි විය යුතුයි.