FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

හොර PHI වරයෙකු සොයා හැටන් පොලිසිය විමර්ෂණයක

on .

phi new

මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරයෙකු හා පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරියෙකු වශයෙන් පෙනි සිටිමින් හැටන් නගරයේ ආපන ශාලාවල වෙළදසැල් පරික්‍ෂා කළ අයෙකු නිතියේ රැුහැනට හසුකර ගැනිම සදහා හැටන් නගර සභාව හා නුවරඑළිය පාරිභෝගික සේවා අධීකාරියේ නිළධාරින් විමර්ෂනයක් ආරමිභ කර තිබෙනවා.

හැටන් නගරයේ තොරා ගත් වෙළදසැල් ආපන ශාලා කිහිපයකට ඊයේ (12.07)මෙම සැකකරු ගොස් එහි ඇති අඩුපාඩුකමි ගණනාවක් සමිබන්ධයෙන් එම වෙළදසැල් හිමියන් දැනුවත් කර ඒ සදහා රැුපියල් විසිපන්දහසක දඩයක් ගැසිමට සිදුවන බවද පවසා එය සමතයකට පත් කර ගැනිමට මුදල් ඉල්ලා තිබෙනවා. එසේ පැමිණි නිළධාරියාගේ අනන්‍යතාවය තහවුරු කරන ලෙසට වෙළදසැල් හිමියන් ඉල්ලා සිටියත් ඔහු හැදුනුපතක් ඉදිරිපත් කිරිමට අපොහොසත් විම නිසා එම වෙළදසැල් හිමියන් එම සැකකරුව ජංගම දුරකථනයකින් ජායාරූපයක් ගෙන හැටන් නගර සභාෙවි මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරයා සහ නුවරඑළිය පාරිභෝගික සේවා අධීකාරියේ නිළධාරින් දැනුවත් කිරිමට පියවර ගෙන තිබුණා.

එම සැකකරුව අත්අඩංගුවට ගැනිම සදහා විමර්ෂණයක් ආරමිභ කරන බවයි හැටන් දික්ඔය නගර සභාෙවි මහජන සෞඛ්‍ය පරික්‍ෂක රාමයියා බාලකි‍්‍රෂ්නන් මහතා සහ නුවරඑළිය පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ ජේ්‍යෂ්ඨ විමර්ෂණ නිළධාරි විමලසිරි ඉලූක්කුඹුර මහතා පැවසුෙවි. එම සැකකරු පරික්‍ෂා කළේ යැයි කියන වෙළදසැල් වෙත ගොස් මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරයා සහ පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරින් වෙළදසැල් හිමියන්ව දැනුවත් කිරිමක්ද කරනු ලැබුවා. මෙම සැකකරු හැටන් බස් නැවතුමිපොලේ වෙළදසැලකට ගොස් වෙළදසැල් පරික්‍ෂා කරන අයුරු එම වෙළදසැලේ සවිකර තිබු සි.සි.ටිවි කැමරා වල පටිගත වි තිබුණා.