FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

රථවාහන වැරදි දඩය වැඩිකිරීම ගැන කමිටු වාර්තාව ජනපතිට

on .

images

මාර්ග නීති උල්ලංඝනයේදී අයකරන දඩ මුදල් වැඩිකිරීමේ සාධාරණත්වය පිළිබඳව සොයා බලා වාර්තාවක් සැපයීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පත්කළ කමිටුවේ අවසන් වාර්තාව අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුණා.

 

 ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාශයේ ලේකම් නිහාල් සෝමවීර මහතා විසින් එම වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබුවා. 

2017 වසර සදහා ඉදිරිපත් කළ අයවැය යෝජනා මගින් මාර්ග නීති උල්ලංඝණය අවම කිරීම හා එමගින් මාර්ග අනතුරු වළක්වා ගැනීමේ අරමුණින් මාර්ග නීති උල්ලංඝණය සඳහා වන අවම දඩ මුදල රුපියල් 25,000 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබිණා. 

එයට විවිධ පාර්ශ්ව විසින් දැක්වූ විරෝධතා හේතුවෙන් ජනාධිපතිතුමා විසින් මේ පිළිබඳ පරීක්ෂා කර වාර්තාවක් සැපයීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් අචාර්ය ආර්.එච්.එස්.සමරතුංග, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීර, නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සෝභිත රාජකරුණා, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ඒ.එච්.කේ.  ජගත් චන්ද්‍රසිරි සහ ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති (රථවාහන) නන්දන මුණසිංහ යන මහත්වරුන්ගෙන් යුත් කමිටුවක් පත් කෙරුණා.

  ඒ අනූව එම කමිටුව විසින් සකස්කරන ලද අවසන් වාර්තාව මෙලෙස අද (11) ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය.  මේ අවස්ථාවට නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද සමරසිංහ යන අමාත්‍යවරුන් ද එක්වුණා.