Print

වසර 8කට පසු පවත්වන ජනපති සිනමා සම්මාන උළෙල නැවතත්

on .

DSC 3217

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් 1979 වසරේ මෙරට සුවිශේෂී වූ සම්මාන ප්‍රධානයක් ආරම්භ කෙරිනි. ඒ ජනපති සිනමා සම්මාන උළෙල වේ.

Print

ඇඹිලිපිටියේ කසළ ගැටළුවට විසදුම්

on .

Image-2017-03-24ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දෛනික අපද්‍රව්‍ය වල එකතුව ටොන් 4ක් බව ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම් එස්.ඒ.චින්තක කුමාර මහතා පවසයි.

Print

ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරන රටවල් වලට විශේෂ ජනපති නියෝජිතයෙක්

on .

Maithripala-Sirisena-13-July-15-Prz-media-

ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරන රටවල් වල තනාපති කාර්යාලය සඳහා විශේෂ ජනාධිපති නයෝජිතයෙකු බැගින් පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල මහතා තීරණය කර තිබෙනවා.

Print

පා.ම විමල් වීරවංශ ඇප ඉල්ලා මෝසමක් ඉදිරිපත් කරයි

on .

vimal

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට ඇප ලබාදෙන ලෙස ඉල්ලා මෝසමක් මගින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඇප ඉල්ලීමක් ඉදිරිපත් කෙරුණා.

Print

නාගරික සංවර්ධන අධිකාරිය හා පෞද්ගලික අංශය එක්ව ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රයේ ආයෝජනය රුපියල් බිලියන 275 යි

on .

champika Ranawaka 0මහානගරය නිර්මාණය කිරීමේදී දහදිය ශ‍්‍රමය, කඳුළු හෙලන අපේ වැඩකරන අපේ ජනතාව ප‍්‍රණාමය පළකිරීම, ඔවුන් දිරි ගැන්වීම සහ ඔවුන්ගේ අනාගතය ගොඩනැගීමේ වැඩසටහනක් මාර්තු මස 30වන දා සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී අතිගරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ ය.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද (24) දින බත්තරමුල්ල සෙත්සරිපායේ, 7 වන මහලේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියේ ශ‍්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, අන්තර් ජාතික මූල්‍ය ආයතනවල සමීක්‍ෂණයන්ට අනුව රටේ ප‍්‍රගතියක්, ඉදිරිගමනක් පෙන්වා ඇත්තේ ප‍්‍රධාන ක්‍ෂෙත‍්‍ර දෙකක පමණක් බවත්, එනම් සංචාරක ව්‍යාපාරය සහ ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රය බවයි. මේ වන විට නාගරික සංවර්ධන අධිකාරිය පමණක් පෞද්ගලික අංශයේ ව්‍යාපෘති 100 කට ආසන්න ප‍්‍රමාණයකට අනුමැතිය දී තිබෙන අතර ආසන්නයෙන් රුපියල් බිලියන 275 ක පමණ වටිනාකමකින් යුක්ත වන බවත් එය පසුගිය වසරේ රාජ්‍ය ආයෝජනයෙන් අඩකට වැඩි ප‍්‍රමාණයක් බවත් පැවසීය.

එසේම නාගරික සංවර්ධන අධිකාරිය මගින් කිසිවෙකුගේ බලපෑම් වලින් තොරව නිවාස ව්‍යපෘති හෝ ඉදිකිරීම් ව්‍යාපෘති සැලසුම් අනුමත කරවා ගැනීමටත්, නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් විකිණීමේදී තරඟකාරී පදනමෙන්, වෙළඳපල වටිනාකමට පමණක් වන අයුරින් විධිමත් ප‍්‍රතිපත්තියක් මේ වන විට සකස් කර තිබෙන බවත්, කිසිම ඉඩමක් සින්නක්කරව ලබාදීමක් සිදු නොකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රයේ ගැටළු ගණනාවක් මේ වන විට පැන නැගිලා තිබෙනවා, ප‍්‍රධානම ගැටළුවවන ශ‍්‍රම හිඟය, එම ශ‍්‍රමය වගුරුවන පිරිස් සඳහා අභිමානය පළ කිරීමේ උළෙලක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. විරැකියාව ගැන නොයෙක් පිරිස් අදහස් පළ කළත්, ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රයේත්, කෘෂිකර්ම ක්‍ෂෙත‍්‍රයේත් අති විශාල රැකියා ප‍්‍රමාණයක් තිබුනත්, ඒ සඳහා ශ‍්‍රමිකයන් නොමැති වීමයි. එම ක්‍ෂෙත‍්‍රවල සංචාරක වීසා මගින් මෙරටට පැමිණි ලක්‍ෂ දෙකක් පමණ අවට රටවල්හි විදේශිකයින් සේවය කරයි. එමගින් අනාගතයේ වෙනස් ප‍්‍රශ්න ඇතිවීමේ ඉඩකඩ ද ඇතිවිය හැකි බව අමාත්‍යවරයා පැවසූ අතර සංචාරක වීසා මගින් මෙරටට පැමිණෙන විදේශීය ශ‍්‍රමය අවධිමත් ආකාරයට තැන තැන යෙදවීම පිළිබඳව රජය විධිමත් ප‍්‍රතිපත්තියක් ඇතිකළ යුතු බව ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් යෝජනා කර ඇති බව ද පැවසීය.

නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියේ වැඩබිම් 12 ක නිවාස 13,000 ක් ඉදිවෙමින් පවතින බවත්, එම ව්‍යාපෘතීන්වල 4,000 ක් පමණ ශ‍්‍රමිකයින් රැකියාවන් හි නිරත වේ. රටට බරක් නොවන ලෙස ඔවුන්ගේ දායකත්වය ලබාදෙමින් සිටින ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රයේ එම ජනතාව ඇගයීමට ලක්කර ඔවුන්ට උපහාර පිදීමත්

ගම්බිම්වල වෙසෙන දහස් ගණන් විරැකියා පූර්ණ තරුණ තරුණියන් හට ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රයේ දොරටු විවෘත කරන මොහොතක් බවට පත් කරන්නත්, ඒ වෙනුවෙන් එක්වන ලෙස අපේ තරුණ පරම්පරාවට මේ මොහොතේ ආරාධනා කරන බව හා අද මේ ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රය ජනතාවගේ අතමිට සරුකරන, එමෙන්ම රටේ ආර්ථිකයේ ප‍්‍රධාන දොරටුව ලෙස හඳුන්වා දිය හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මෙම උළෙලේදී ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රයේ පළපුරුදු ශ‍්‍රමිකයින් ඇගයීම සඳහා ජාත්‍යන්තර පිළිගැනීමේ සහතිකයක්, කුසලාන, රන් පවුම් සහ වසරක කාලයක ජීවිත රක්ෂණයක් ලබාදීමට කටයුතු කරන අතර ඒ සඳහා ඉදිකිරීම්
ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රමුඛ ආයතනයක් වන මෙල්වා ආයතනය ප‍්‍රධාන දායකත්වය සහ අනෙකුත් ඉදිකිරීම් ආයතන සෙසු දායකත්වය සපයනු ලබයි.

Print

රන්පුහුලාවල බලන්න ගිය ශිෂ්‍යයා දියේ ගිලී මියයයි

on .

Lama-Maranaya

කන්දකැටිය වැවතැන්න විද්‍යාලයේ 9 වන වසරේ ගෙනුම ලැබු 14 හැවිරිදි ශිෂ්‍යෙයෙක් රන්පුහුලා වල ජල විදුලිබලාගාරය නැරඹිමට ගොස් , රන්පුහුලාවල ජලාශයේ දිය නාමින් සිටියදී දියේ ගිලී මියගොස් ඇතැයිකන්දකැටිය පොලිසිය පවසයි.

Print

මෛත‍්‍රී - පුටින් මිත‍්‍රත්වය දෙරටේ ද්විපාර්ශ්වික සබඳතාවල නව කඩඉමක් බව රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසයි

on .

MS03222017R 1

රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් මහතා සහ ශී‍්‍ර ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මැතිතුමා අතර ගොඩනැගී ඇති සමීප මිත‍්‍රත්වය රුසියානු - ශී‍්‍ර ලංකා ද්වි පාර්ශවික සබ`දතාවල නව කඩඉමක් සනිටුහන් කරනු ඇති බව රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඉගෝර් මොගියුලොව් මහතා  පවසයි.

Print

පා.ම. ජොන්ස්ටන්ගේ සතොස නඩුව ජූනි 30 විභාගයට

on .

Jhonston-Fernando-24.3.2017

හිටපු අමාත්‍ය පා.ම. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විරුද්ධව අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර තිබූ නඩුව ජූනි 30 වනදා විභාගයට ගැනීමට නියමිතයි.

Print

රියදුරුට පහරදි ත්‍රීරෝද රථය පැහැරගත් සැකකරුවන් මාර්ග බාධකයේදී මාට්ටු

on .

arrested

තඹුත්තේගම ප්‍රදේශයේ දී විසින් ත්‍රීරෝද රථයක් පැහැර ගෙන යාම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනුණා. 

Print

මානව හිමිකම් යෝජනාවලිය ක්‍රියාවට නැංවීමට ලංකාවට තවත් වසර 02ක් හිමිවෙයි

on .

Human-Rights-Council-2017

2015 එක්සත් ජාතීන්ගේ මානව  හිමිකම් යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට තවත් වසර දෙකක කාලයක්             ශ්‍රී ලංකාවට ලබා දීමට මානව හිමිකම් කවුන්සිලය ඒකමතිකව තීරණය කර තිබෙනවා. 

Print

ගිලන් රථයක ගැටී පුද්ගලයෙකු මරුට

on .

Ambulance-Chilaw

හලාවත කොළඹ මාර්ගයේ - ගල්හිටියාව ප්‍රදේශයේ රෝගියෙකු රැගෙන ගමන්ගත් ගිලන් රථයක් යතුරු පැදියක ගැටීමෙන් යතුරුපැදියක ගැටීමෙන් යතුරු පැදිකරු එම සථානයේදීම මිය ගොස් ඇත.